අමාත්‍යවරුන් 30ට වැඩියෙන් පත්කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට
අමාත්‍යවරුන් 30ට වඩා වැඩි සංඛ්‍යාවක් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙ...

https://www.sathhanda.com/2015/10/u-k-aruna-laksiri.html
U.K. අරුණ ලක්සිරි නම් නීතිඥවරයෙකු ගොනු කර ඇති පෙත්සමින් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපතිවරා සහ නීතිපතිවරයා ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පත් කළ හැක්කේ අමාත්‍යවරුන් 30 දෙනෙකු පමණක් බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
එම සංඛ්‍යාව ඉක්මවා යා හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිට වූ අවස්ථාවකදී පමණක් බව පෙත්සමේ දැක්වෙයි.
දැනට පවතින ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගත හැක්කේ පාර්ලිමේන්තුවට පත්ව ඇති සියලුම පක්ෂවල සහභාගීත්වය සහිත එකක් පමණක් බවත් එහි සඳහන් වේ.
Related