කලු කබායක් දාගෙන ඇවිල්ල බාප්පාගේ බෙල්ල කපා මුදල් කොල්ල කෑ තරුණියක් [PHOTOS]
මුහුණ ආවරණය කරගෙන ගොස් පාරේ ගමන් කරමින් සිටි තම බාප්පාගේ බෙල්ලට පිහියෙන් ඇන මුදල් මංකොල්ල කෑ තරුණියක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වී තිබ...

https://www.sathhanda.com/2015/10/rasaiyya-nilusha.html
මුහුණ ආවරණය කරගෙන ගොස් පාරේ ගමන් කරමින් සිටි තම බාප්පාගේ බෙල්ලට පිහියෙන් ඇන මුදල් මංකොල්ල කෑ තරුණියක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වී තිබෙනවා.
මව විසින් තම බාප්පාට සහ පුංචි අම්මාට එවන ලද මුදල් ඇය විසින් මෙසේ මංකොල්ලාකා ඇති බවයි පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ.
සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටින තම සොහොයුරිය සහ සොහොයුරියගේ ස්වාමියා විසින් හැටන් නගරයේ පෞද්ගලික බැංකුවට බැර කරන ලද රුපියල් එක්ලක්‍ෂ හතලිස්අටදහක මුදලක් බැංකුවෙන් රැගෙන හැටන් නගරය කරා පැමිණෙමින් සිටියෙදි පිටි පසින් පැමිණි අබායක් ඇදගත් කාන්තාවක විසින් තම ස්වාමියාගේ බෙල්ලට පිහියකින් ඇණ තමාවද තල්ලුකර දමා මුදල් පසුමිබිය පැහැරගෙන ගිය බවටයි හැටන් පොලිසියට පැමිණිලි කර තිබුණේ.
ඊයේ (26) දහවල් 12.30 ට පමණ මෙම මංකොල්ලය සිදුවිමත් සමගම මුදල් රැගෙන පලා යන සැකකරුවෙකු දැක පොලීසිය විසින් පසු පස ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන පරික්‍ෂා කිරීමේදී කාන්තාවක් බවත් පොලීසියට රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී ඇය අදාළ සිද්ධියේ ඥාතී දියණිය බවත් හෙළි වී තිබෙනවා.
සිය දෙමාපියන් ඇයට එවන මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරිම නිසා මෙවර මුදල් සිය සහෝදරියගේ ගිණූමට බැර කර එම මුදල්වලින් දියණිය විසින් උකස් කර ඇති රන් භාණ්ඩ බේරා සුරක්‍ෂිතව තබා ගන්නා ලෙසත් විදේශ ගත වී සිටින කාන්තාව විසින් සිය සොහොයුරියට දැනුම්දී තිබෙනවා.
එකම නිවසේ පදිංචි පුංචි අම්මා සමග ජිවත් වන තිස්එක් හැවිරිදි (31) අවිවාහක මෙම සැකකාර තරුණිය තම සොහොයුරියගේ දියණිය බවට පොලීසියට පැමිණීමෙන් පසු හදුනාගත් බව සැකකාර තරුණියගේ පුංචි අම්මා වන එස්. ශාන්තිනි මහත්මිය පවසා තිබෙනවා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි සිටින මෙම සැකකාර තරුණිය මාස හයක කාලයක් සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදීසිට රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් වසරේ දිවයිනට පැමිණ තිබෙනවා.
පිහි ඇණූමෙන් තුවාල ලැබු සැකකාර තරුණියගේ බාප්පා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකාර තරුණිය පොලීසියෙදී කලහාකාරි ලෙස හැසිරිම හේතුවෙන් ඇය පාලනය කිරිමට ගිය පොලිස් නිළධාරියෙකුටද තුවාල සිදුවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණිය අද හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවත් ඇය විසින් මංකොල්ලා කන ලද මුදල්, පහර දිමට යොදා ගත් පිහිය ඇතුලු අබාය පොලීසිය විසින් සොයා ගැනුනා.
එම තරුණිය වන රාසයියා නිලුෂා අප සමග පවසා සිටියේ තමන් විශාල වශයෙන් ණය වි ඇති බවත් එම මුදල් ගෙවිම සදහා බාප්පාට පහරදි මෙම මුදල් රැගෙන පලා ගිය බවයි.
Related