ආණ්ඩුවේ ජිනීවා අර්බුදය වහන්න ඊනියා දුෂණ හඬ පෙරට ගෙන්න සැලසුමක්
ආණ්ඩුව මේ වන විට ජිනීවා අර්බුදය නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. නොසිතු ලෙස සැබෑ විපක්ෂය එල්ල කරන පීඩනය දැඩි පීඩනය සහ භාණ්ඩ...

https://www.sathhanda.com/2015/10/sri-lanka-government.html
ආණ්ඩුව මේ වන විට ජිනීවා අර්බුදය නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. නොසිතු ලෙස සැබෑ විපක්ෂය එල්ල කරන පීඩනය දැඩි පීඩනය සහ භාණ්ඩ මිල ඉහල යාම, ඉටු කිරීමට නොහැකි වූ පොරොන්දු, ඉදිරි අයවැයෙන් භාණ්ඩ මිල තව ඉහළයාම සහ හිරගතව සිටින LTTE පිරිස සම්බන්ද ප්‍රශ්නයන් හමුවේ ආණ්ඩුව දැඩි පීඩනයකට පත්ව ඇති බව වාර්තා වේ. පසුගියදා රැස්වී ඇති ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇති අතර ඉදිරි මස 6ක් ඇතුලත තත්වය සමනය කර පවත්වා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුවේ දුෂණයන් ගැන නැවත නැවත මතක් කල යුතු බවත් ඒ සඳහා රජයට හිතවත් මාධ්‍ය යොදා ගැනීමටත් තීරණය වී ඇත.
මේ අනුව පසුගිය දා රාජපක්ෂලාගේ බැංකු ගිණුමක් ගැන කිසිම වැදගැම්මකට නැති හැල්ලක් පල කල අගමැතිගේ පවුලේ පත්තරය එයට මුල පුරා ඇති අතර එමගින් නැවත මාධ්‍ය තුල එම බොරුව කතා කිරීමට සලස්වා ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක රාජිත පසුගියදා මාධ්‍ය වේදීන් අසු ප්‍රශ්න වලට නැවත ප්‍රකාශ කරමින් ගණන් මිනුම් ඇතිව එම බොරුව තවත් තහවුරු කරන ලදී.
Related