යහපාලකයෝ 5හේ ශිෂ්‍යත්වයෙන් ළමුන් 10,000 ක් අසමත් කරලා - වැඩිකළ ශිෂ්‍යත්ව දීමනාවත් නැත

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව 25,000 ක්‌ දක්‌වා වැඩි කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් ගෙන් ඉල්ලීමක...

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව 25,000 ක්‌ දක්‌වා වැඩි කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් ගෙන් ඉල්ලීමක්‌ කරයි.

ඇමැතිවරයාට ලිපියක්‌ යවමින් එම ඉල්ලීම කරන එම සංගමය එහි මෙසේද සඳහන් කර ඇත.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් සමත් ලකුණු තීරණය කිරීමේදී සියලුම දිස්‌ත්‍රික්‌කවල එම සමත් ලකුණු ඉහළ අගයක්‌වීම නිසා බොහෝ දිස්‌ත්‍රික්‌කවල ලකුණු 150 ට වඩා ලකුණු ලබාගත් දරුවන් පවා ශිෂ්‍යත්වය අසමත් ගණයට වැටීම හේතුවෙන් මෙම විභාගයේදී සැලකිය යුතු ඉහළ ලකුණු ලබාගත් දරුවෝ බරපතළ මානසික බිඳ වැටීමකට ලක්‌ව සිටිති.

අප සංගමයට ලැබී ඇති තොරතුරු අනුව මෙවර ශිෂ්‍යත්වය ලබාදිය යුතු සංඛ්‍යාව 15,000 ක්‌ විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට දන්වා යෑවීමත් සමඟ එම සංඛ්‍යාවට සරිලන පරිදි සමත් ලකුණු තීරණය කිරීම හේතුවෙන් මෙවර ශිෂ්‍යත්වය සමත් ලකුණු සියලු දිස්‌ත්‍රික්‌කවල ඉහළ අගයක්‌ ගෙන තිබේ.

නමුත් ගිය වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය 5 ශිෂ්‍යත්වය ලබාදීමේ සංඛ්‍යාව 25,000 ක්‌ දක්‌වා ඉහළ දමන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයට එම තීරණය ගැනීමට සිදු වූයේ මෙරට ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන ඉහළ ලකුණු ලබාගන්නා දරුවන්ට අගතියක්‌ අසාධාරණයක්‌ සිදු නොකරන ලෙස අප සංගමය ඇතුළු වෙනත් සංවිධානද දෙමාපියන් විසින් සිදුකරන ලද ඉල්ලීම් හා බලපෑම් හේතුවෙනි. එසේම ශිෂ්‍යත්වලාභීන්ට දැනට ලබාදෙන ශිෂ්‍යත්ව මුදල (රු. 500/) කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ නිසා එයද වැඩි කරන ලෙස ඉල්ලීම් කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම ශිෂ්‍යත්ව මුදල 1,500 දක්‌වා වැඩි කිරීමටද ගිය වර්ෂයේදී අමාත්‍යාංශය එකඟ විය. එසේ වුවද එම වැඩිකළ මුදල ශිෂ්‍යත්වලාභී දරුවන්ට ගෙවීමටද මේ දක්‌වා ඔබ අමාත්‍යාංශය අසමත්වීම කනගාටුදායක තත්ත්වයකි.

කරුණු මෙසේ හෙයින් මෙවර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගත් දරුවන්ගේ මානසිකත්වයට බලපෑම් නොවන පරිදි ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ දැමිය යුතුය. මේ වන විට පවතින ජීවන වියදම අනුව රු. 1500 ක ශිෂ්‍යාධාර මුදලද ප්‍රමාණවත් නොවන බැවින් එය අවම වශයෙන් රු. 2,000 දක්‌වාත් ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ඔබ වෙත අවධාරණය කර සිටිමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1656155108421661646

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item