යහපාලනය ගොවීන්ගෙන් ගත්ත වී වලටත් තාම සල්ලි ගෙවලා නෑ
යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා ගෙවිය යුතු සියලූ මුදල් තවමත් ගෙවා අවසන් කර නොමැති බවට තොරතුරු වාර්තා වේ. ම...
https://www.sathhanda.com/2015/10/sri-lanka-paddy-farmers.html
මේ සඳහා මහජන බැංකුවෙන් මුදල් ගෙවිය යුතු වුවත් ඒ සඳහා ආණ්ඩුවෙන් දිස්ත්‍රික්කයේ එම බැංකු ශාඛාවන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී නොමැති බව ආරංචි මාර්ග වාර්තා කරයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මාධ්‍ය වලට අදහස් දක්වමින් පැවසුවේ ප්‍රශ්නය බැංකු වලට මුදල් නොලැබීම නොව උපදෙස් නොලැබීම බවය. මේ අතර විල්ගමුව ප්‍රදේශයේ ගොවීන්ගෙන් මිලදී ගත් රුපියල් ලක්ෂ 500 ක් පමණ වටිනා වි කිලෝ ලක්ෂ 10ක් නිසි ලෙස ගබඩා නොකිරීමෙන් ඒවා භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බව ද වාර්තාවිය.


Related