නමට ඇමතිලා - කැබිනට් හා රාජ්‍ය ඇමැති 30 කට යනෙන මං නෑ
රජයේ ඇමතිකම් ලබාගත් සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි සොයාගත නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින බවවාර්තා වෙනවා. අමාත්...
https://www.sathhanda.com/2015/10/sri-lanka-state-ministers.html
අමාත්‍යාංශ සඳහාම ඉදිකළ බත්තරමුල්ල සෙත්සිරිපාය නව ගොඩනැඟිල්ල ද කල් තියා සමහර ඇමැතිවරුන් විසින් වෙන්කරගෙන ඇති නිසා සෙසු ඇමැතිවරුන්ට එහි ඉඩකඩ නොමැති අතර බොහෝ ඇමැතිවරුන් කොළඹ හා ඊට ආසන්නව තම අමාත්‍යාංශ ආරම්භ කිරීම සඳහා සොයන්නේ පුද්ගලික ගොඩනැඟිලි බව ද ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් මෙතෙක් කර නැතැයි වාර්තා වේ.
මේ අතර අමාත්‍යාංශවලට විෂයයන් පැවරීම සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර ද මේ වන විට ගැටුම් නිර්මාණය වී තිබෙනවා.
කැබිනට් ඇමැතිවරයා විසින් අදාළ අමාත්‍යාංශ යටතේ ඇති වැදගත් විෂයයන්, ආයතන සහ මණ්‌ඩල ඔවුන් යටතට පවරාගෙන ඇතැයි ද තමන්ට කිසිදු වගකීමක් ලබා දී නැතැයි ද රාජ්‍ය ඇමැතිවරු චෝදනා කරන අතර රාජ්‍ය ඇමතිවරුන්ට අදාල වාහනද කැබිනට් ඇමතිවරුන් භාවිතා කරනවා.
මේ නිසා රාජ්‍ය ඇමැතිවරු ගණනාවක් දැඩි කලකිරීමකින් යුතුව පසුවන බව වාර්තා වේ.


Related