පොලිස්පතිට නොතිසි
පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට මේ මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (09)...

https://www.sathhanda.com/2015/10/sri-lanka-police-commissioner.html
පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට මේ මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (09) නොතීසි නිකුත් කළා. ඒ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාලව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රදවාගෙන සිටින යුද හමුදා නිලධාරීන් සිව් දෙනෙකුගේ බිරියන් ගොනු කළ පෙත්සම් 04ක් සලකා බැලූණු අවස්ථාවේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රදවා තබා නොගෙන නිසි අධිකරණයකට මොවුන් ඉදිරිපත් කරන ලෙසයි මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇත්තේ. අද මෙම පෙත්සම් සලකා බැලූණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හමුවේයි.
Related