අනුර අභියෝගය භාරගනීද?
අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ අභියෝගය බාරගෙන රූපවාහිනී නාලිකාවක විවාදයක් කර පෙන්නවන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල...

https://www.sathhanda.com/2015/11/anura-kumara.html
අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ අභියෝගය බාරගෙන රූපවාහිනී නාලිකාවක විවාදයක් කර පෙන්නවන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායකට කියයි. අද (10දා) අනුරාධපුර සංචාරක හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීය.
"ඇවන්ට් ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳව කතාබහක් ඇති කරගෙන යනවා. අනුර කුමාර දිසානායකට පුළුවන් විජයදාස රාජපක්ෂ මහත්තයාගේ අභියෝගය භාර අරගෙන රූපවාහිනී නාළිකාවක විවාදයක් කරලා පෙන්වන්න මෙය අපරාධයක් කියලා. එම මාතෘකාවෙම පාවී පාවී ඉන්නෙ නැතිව" යැයි මන්ත්‍රීවරයා පැවැසීය.
Related