LTTE සැකකරුවන් 31ක් නිදහස්
එල්.ටී.ටී.ඊ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් හෙට (11) අදාළ රජයේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබාදීමට නියමිත...

https://www.sathhanda.com/2015/11/ltte-31.html
එල්.ටී.ටී.ඊ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් හෙට (11) අදාළ රජයේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබාදීමට නියමිතව තිබේ.
බන්ධනාගාර මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116ට නඩු පවරා ඇති බවයි.
එසේම 52ට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර ඉන් 10ක් අභියාචනා ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ජනපති, අගමැති, හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා පවත්වා ඇප මත නිදහස් කළ හැකි සැකකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
අදාළ සැකකරුවන්ගේ නීතිඥ මහත්වරුන් විසින් ඇප අයදුම්පත් අදාළ අධිකරණවලට යොමු කිරීමෙන් අනතුරුව අදාළ අයදුම්පත් එම අධිකරණ මගින් සලකා බලනු ඇත.
මීළඟ අදියරේදී තවත් රැඳවියන් 32ක් ඇප මත මුදාහැරීමට කටයුතු කිරීමට අදහස් කෙරේ.
සෙසු රැඳවියන් සම්බන්ධයෙන් ද පවත්නා නඩු කටයුතු අධ්‍යයන කර ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.
එල්.ටී.ටී.ඊ රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් ලක්වූ අතර අධිකරණ ඇමතිවරයා ද මේ ගැන අද තීරණයක් ගන්නා බව පවසා තිබුණි.
මේ අතර බන්ධනාගාර ගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමින් මන්නාරම ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.
ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයින් එක්ව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
පුරවැසිබලය සංවිධානය මන්නාරම දිස්ත්‍රික් නියෝජිතයින් හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබු බව සඳහන්ය.
දෙමළ දේශපාලන සිරකරුවන් උපවාසයේ නිරත වන අවස්ථාවේ ඔවුන් නිදහස් කරන බවට රජය පොරොන්දු වුව ද එම පොරොන්දුව ඉටුකර නොමැති බව විරෝධතාවයට එක්වු වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ප්‍රකාශ කර තිබේ.
කඩිනමින් එම සිරකරුවන් නිදහස් කිරීමට රජය කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත.
Related