නගරයට පැමිණෙන වාහනවල අවම මගීන් ගණනක් නම් කරයි - නැතිනම් දඩ
නගරයට පැමිණෙන වාහනවල අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් රැගෙන ආ යුතු බවට වන යෝජනාවක් 2016 අයවැයට ඇතුළත්ව තිබෙනවා. ඊට අදාළ විධිවිධාන දැක්වෙන...

https://www.sathhanda.com/2015/11/blog-post_16.html
නගරයට පැමිණෙන වාහනවල අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් රැගෙන ආ යුතු බවට වන යෝජනාවක් 2016 අයවැයට ඇතුළත්ව තිබෙනවා.
ඊට අදාළ විධිවිධාන දැක්වෙන්නේ අයවැය කථාවේ 471 අනුෙඡ්දයේයි.
එහි දැක්වෙන්නේ ‘‘දුම්රිය ස්ථානවල මෙන්ම බස් නැවතුම්වල වාහන නවතා තබා යෑමේ පහසුකම් ඇති කිරීම මගින් වඩා හොඳ රථ වාහන කළමනාකරණයකට ඉඩකඩ සැලසෙන අතර මගියාටද පහසුව සැලසෙයි. ලාභදායීද වෙයි. එබැවින් ජා ඇල, අවිස්සාවේල්ල , පානදුර, කඩවත සහ පිළියන්දල තෝරාගත් නගරවල දුම්රිය හා බස් රථ ප‍්‍රවාහනය දියුණු කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යංශයට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
වාහන නවතා තබා යාමේ පහසුකම් සැලසීමෙන් පසු නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් ප‍්‍රවාහනය කළ යුතු වන අතර එසේ් නොකරන්නන් සඳහා ගාස්තුවක් අය කරනු ඇති. මෙම යාන්ත‍්‍රණය 2016 සැප්තැම්බර් මාසයට පෙර කි‍්‍රයාත්මක කිරීමටද යෝජනා කරනවා.’’ යනුවෙනි.
maru
ReplyDelete