රුසියානු යානයකට තුර්කි ප්‍රහාරයක්
සිරියානු දේශසීමාවේදී රුසියානු ප්‍රහාර යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි. මෙහිදී, රුසියානු ආරක්ෂක අ...

https://www.sathhanda.com/2015/11/blog-post_82.html
මෙහිදී, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය පවසන්නේ එරට ගුවන් හුමදාවට අයත් සූ-24 වර්ගයේ ප්‍රහාරක යානයක් උතුරුදිග සිරියාවේදී අනතුරට පත්ව ඇති බවයි.
එම අවස්ථාවේදී නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වී ඇති බවද එම පුවත් සේවය පවසයි.
මේ අතර, තුර්කි හමුදා පවසන්නේ තම ගුවන් සීමා උල්ලංඝනය නොකරන ලෙසට ලබාදුන් නියෝග පිළි නොපැදි ප්‍රහාරක යානයක් එෆ්-16 ප්‍රහාරක යානා යොදාගෙන බිම හෙලූ බවයි.
ලටාකියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට එම යානය කඩා වැටෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දසුන් දැකිය හැකිය.
Related