මහවිරු දිනය සමරන්නැයි ප‍්‍රභාකරන්ගේ මස්සිනාගෙන් ඉල්ලීමක්
යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකරමින් ලබන 27 වෙනිදා මහවිරු දිනය උත්කර්ශ්වත් අන්දමින් සමරන බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී එම්...
https://www.sathhanda.com/2015/11/blog-post_60.html
යාපනයේදී අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් ශිවාජිලිංගම් කියා සිටියේ යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සහ සහෝදරයින් සිහිකිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවයි. ඒ නිසා නොබියව මහවිරු දිනය සමරන්නැයි ශිවාජිලිංගම් උතුරු පළාත් වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය විරුවන් සමරන්නේ නම් දෙමළ ජනතාවට ද එම අයිතිය හිමිවිය යුතු බවයි එම්.කේ. ශිවාජිලිංගම් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙකු වනවා.


Related