ශ්‍රීලනිප කැබිනට් ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවලට අය - වැයෙන් කුඩම්මාගේ සැලකිල්ලක් - හදිසි සාකච්චාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවලට මෙවර අය - වැයෙන් මුදල් වෙන් කිරීමේදී කුඩම්මාගේ සැලකිල්ලක් දක්වා ඇති ...

https://www.sathhanda.com/2015/11/blog-post_61.html
මේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් ඇමැති එස්.බී. දිසානායක මහතා විසින් හෙට කැඳවා ඇතැයි වාර්තා වෙයි. වර්තා වන අන්දමට එම රැස්වීම හෙට දිසානායක මහතාගේ නිවෙසේ පැවැත්වීමට නියමිතය.
එස්.බී. දිසානායක මහතාගේ සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍යාංශයට අයත්ව තිබූ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුව යටතට පැවැරීම සම්බන්ධයෙන් ඒ මහතා සිය විරෝධය ප්‍රකාශ කර ඇති අතර හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලනිප ඇමැතිවරුන්ගේ හමුවේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත් එහිදී පැවැත්වෙන සාමූහික සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් දැනුවත් කිරීමට දිසානායක මහතා සූදානම් වන බවද වාර්තා වෙයි.
Related