විපක්ෂයේ සන්ධාන මන්ත්‍රීවරුන් 4ක් ආණ්‌ඩුවට?
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් 4 දෙනකු ආණ්‌ඩුවේ මංගල අයවැයට පක්‍ෂව ඡන්දය ලබාද...

https://www.sathhanda.com/2015/11/4.html
මේ අතරින් එක් මන්ත්‍රීවරයකු 'මහින්ද සමඟ නැගිටිමු' ව්‍යාපාරයේ ඉහළින්ම කටයුතු කළ අයකු බව ද වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන්ගෙන් දෙදෙනකුට කැබිනට් සහ නියෝජ්‍ය ඇමති ධුරයක් ලබාදීමට නියමිත අතර, තවත් මන්ත්‍රිවරයකුට දිස්‌ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයක් ලබාදීමට ද නියමිත බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම අයට ඇමති ධුර ලැබෙනුයේ ශ්‍රීලනිපයට ආණ්‌ඩුවේ හිමි කෝටාවෙන් වන අතර, මොවුන් එජාප සභාපති ඇමති මලික් සමරවික්‍රම මහතා සමඟ ආණ්‌ඩුවට එක්‌වීම සම්බන්ධව සාකච්ඡා වට කීපයක් පවත්වා තිබේ. මොවුන් ආණ්‌ඩුවට එක්‌කර ගැනීමට ජනාධිපති හා අගමැතිවරයාගේද කැමැත්ත හිමිව ඇත.
ඒ අනුව මොවුන් ඉදිරියේදී ආණ්‌ඩුවේ මංගල අයවැය යෝජනාවලියට සම්බන්ධව ඡන්දය ලබා දෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වෙනු ඇතැයි ද වාර්තාවේ.
Related