විද්‍යුත් මෝටර් රථ ආනයනය 'කොට උඩ ' !
මෙවර අයවැයෙන් පැනවූ නව බදු හේතුවෙන් විද්‍යුත් මෝටර් රථ ආනයනය නවතා දැමීමට බොහෝදුරට සිදුවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ...

https://www.sathhanda.com/2015/11/blog-post_64.html
විද්‍යුත් මෝටර් රථ මෙරටට ගෙන්වීමේදී මෙතෙක් සියයට 5ක්ව පැවැති බද්ද සියයට 50ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඒ අනුව අදාළ මෝටර් රථ ආනයනය අත්හිටුවීමට හෝ සීමා කිරීමට සිදුව ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් කියා සිටියේය.
මෙවර අයවැයෙන් සිදුකෙරුණු බදු සංශෝධන අනුව බොහෝ වාහනවල මිල කැපී පෙනෙන ලෙස වැඩිවන බව එම සංගමය පවසයි.
නව බදු හේතුවෙන් විද්‍යුත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25කින්, දෙමුහුම් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 4කින් සහ මිනිකැබ් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 10කින් ඉහළ නංවා ඇත.
මීට අමතරව මරුටි වර්ගයේ රථයක් ලක්ෂ දෙකකින් සහ ත්‍රිරෝද රථයක් ලක්ෂයකින් ඉහළ නැංවීමටද තීරණය කළ බව ඉන්දික සම්පත් කියා සිටියේය.
Related