රන්ජන් අයියා හා ඇති බැදීම නැතිකළ නොහැකියි - හරින් [VIDEO]
තමා හා රන්ජන් රාමනායක අමාත්‍යවරයා අතර ඇති මිත්‍රත්වය කිසිදු අයුරකින් නැවැත්විය නොහැකි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. මේ වන විට අ...

https://www.sathhanda.com/2015/11/video_25.html
තමා හා රන්ජන් රාමනායක අමාත්‍යවරයා අතර ඇති මිත්‍රත්වය කිසිදු අයුරකින් නැවැත්විය නොහැකි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
මේ වන විට අමාත්‍යවරුන් දෙදෙනා අතර මත ගැටුමක් මාධ්‍ය හරහා ප්‍රචාරය වන අතර ඒ පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
"රංජන් හා මා අතර ගැටුමක් ඇති කිරීමට එක්තරා පුවත්පත්/මාධ්‍ය ආයතනයකට අවශ්‍ය වී ඇති බව පෙනෙනවා, මා හා රන්ජන් අයියා අතර ඇති සහෝදරත්වයේ බැදීම මෙවන් දේ වලින් නැතිකිරීමට නොහැකියි. විවිධ දේවල් සම්භන්දයෙන් අප විවිධ මත දැරුවත් අපගේ මිත්‍රත්වයට සහ සහෝදරත්වයට එය බාධාවක් කර ගන්නේ නැත.
අප දෙදෙනා නොකළ ප්‍රකාශ එකිනෙකා වෙත ඉදිරිපත්කරමින් මෙලෙස අපට එරෙහිව පුවත් මවද්දී අප දෙදෙනා පාර්ලිමේන්තුවේ එකට සිට ඒවා සතුටින් නරඹමින් සිටින බවද මතක් කිරීමට කැමතියි." යැයි ඔහු සිය ප්‍රකාශයෙන් පවසයි.
Related