නිපුණතා ඇමති සහ රාජ්‍ය ඇමති ගැටෙයි - රංගෙට මල පනියි - ජනපතිට ලියයි
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ආයතන වලට නිළධාරීන් පත් කිරීමේදී කැබිනට් අමාත්‍ය මහින්ද සමරසිංහ සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ...

https://www.sathhanda.com/2015/11/blog-post_83.html
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ආයතන වලට නිළධාරීන් පත් කිරීමේදී කැබිනට් අමාත්‍ය මහින්ද සමරසිංහ සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර යන අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ අමාත්‍ය මහින්ද සමරසිංහ තමන්ගේ හිතවතුන් එම තනතුරු සඳහා පත් කර ගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.
අමාත්‍යංශවලට අයත් ආයතනවලට සභාපතිවරුන්, උපසභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත සැදුම්ලත් කමිටුවක් මගින් නිර්දේශ කරන ලද පුද්ගලයන් පමණක් පත් කළ යුතු බවට යෝජනාවක් පවතිනවා.
එසේ තිබියදීත් මහින්ද සමරසිංහ විසින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් ඇතැම් ආයතනවල සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කිරීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි පාලිත රංගේබණ්ඩාර ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ යූසස් පිරිස් මහතායි.
1944 වසරේ උපන් ඒ මහතාගේ වයස අවුරුදු 71 ක් වනවා.
එමෙන්ම වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි සහ උපසභාපතිවරයා වන නීතීඥ සුදත් හඳුන්ගේ යන මහත්වරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් පවතින බවයි පාලිත රංගේබණ්ඩාර ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ.
මෙය යහපාලන සහ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කිරීම සඳහා කැපවූ සියලු දෙනා විසින්ම ප‍්‍රතික්ෂේප කරනවා.
එම නිසා ඒ සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන ලෙසයි රංගේබණ්ඩාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.
Related