දමිතා බරපතල වංචා ජනාධිපති කොමිසමට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි කියන දූෂණ වංචා සම්භන්දයෙන් බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම රංගන ශිල්පිනී දමිතා අ...

https://www.sathhanda.com/2015/11/damitha-abeyratne.html
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි කියන දූෂණ වංචා සම්භන්දයෙන් බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම රංගන ශිල්පිනී දමිතා අබේරත්නගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා. අද (06) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රංගන ශිල්පිනී දමිතා අබේරත්නට දැනුම්දීමක් සිදුකර තිබුණා. ඒ අනුව ඇය උදෑසන 10ට පමණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකුගෙන්ද ඉකුත්දා ප්‍රශ්න කෙරුණා. උපේක්ෂා ස්වර්ණමාලි සහ රුවන්ති මංගලා යන අය ඒ අතර වුණා. ප්‍රවීණ කලාකරුවෙකු වන බන්දුල විජේවීර මහතාගෙන්ද එම කොමිසම ප්‍රශ්න කර තිබෙනවා.
Related