දකුණු සුඩාන ගුවන් යානයක් කඩා වැටී 45ක් මරුට
දකුණු සුඩානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගුවන්ගත වන අවස්ථාවේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා...
https://www.sathhanda.com/2015/11/south-sudan-plane-crash.html?m=0
දකුණු සුඩානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගුවන්ගත වන අවස්ථාවේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. එරට අගනුවර වන ජුබා හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කිරීමත් සමග යානය අනතුරට පත්ව කඩා වැටී තිබේ.
එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම අනතුරින් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය වැඩිවිය හැකිය.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී යානයේ කොතරම් පිරිසක් සිටියේද හා යානය කඩා වැටුණු ගොඩබිම් ප්‍රදේශයේ කොතරම් පිරිසක් සිටියේද යන්න තවමත් පැහැදිලි නැත.
ඇන්ටනොව් වර්ගයේ මෙම යානය ගුවන් පථයෙන් මීටර් 800ක් ඔබ්බට කඩා වැටී තිබේ.


Related