දෙලක්ෂ තිස්දහසක් බිළිගත් සුනාමියට වසර 11යි
සුනාමි දළ රළ පෙළ ශ‍්‍රී ලංකාවේ වෙරළ ගිලගෙන අදට වසර 11ක් සම්පූර්ණ වනවා. මගීන් දහස් ගණනක් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියක් ද සුනාමි දළ රළ පෙළට...

https://www.sathhanda.com/2015/12/11.html
මෙම ව්‍යසනය සිහිපත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව අද (26) විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ අංක 50 දුම්රිය සුනාමියට හසුවූ පෑරලිය ප්‍රදේශයේ මිනිත්තු පහක පමණ කාලයක් නවතා යළි ගමන් ආරම්භ කරන බවයි.
මීට වසර 11කට පෙර සුනාමියට බිළි වූ දුම්රිය මේ වන විට පිළිසකර කර තිබෙනවා. අංක 50 දුම්රිය පිරිත් සජ්ජායනා කරමින් කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වා ධාවනය කිරීමේදී එලෙස පිළිසකර කළ දුම්රිය ඊට ඉදිරියෙන් ධාවනය කරවන බවයි විජය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.
සුනාමි දළ රළ පහරට හසුව පුද්ගලයන් දෙලක්ෂ තිස්දහසක් මියගියා. ඉන් වැඩිම බලපෑම සිදුවුණේ ඉන්දුනීසියාවට. එහි පුද්ගලයන් එක් ලක්ෂ හැට දහසක් පමණ මියගියා. ඉන්පසු වැඩිම පිරිසක් මියගියේ අප රටෙයි. පුද්ගලයන් තිස් පන්දහස් තුන්සිය විසි දෙදෙනෙකු සුනාමිය විසින් අපට අහිමි කළා. ඉන්දියානුවන් දහඅට දහසක්, තායිලන්ත වැසියන් අට දහසක්,සෝමාලියානුවන් සහ මියන්මාර ජාතිකයන් දහසක් පමණ සුනාමි ව්‍යසනයට ගොදුරු වුණා.
Related