ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාධ්‍යයට හෝ නොදන්වා පාකිස්තානයේ ලාහෝර් නුවරට පැමිණ තිබෙනවා.ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රුසියාවේ නිල සංචාරය...

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාධ්‍යයට හෝ නොදන්වා පාකිස්තානයේ ලාහෝර් නුවරට පැමිණ තිබෙනවා.ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රුසියාවේ නිල සංචාරය නිමවා සිය රට එමින් සිටියදී මෙලෙස පාකිස්තානයට පැමිණි බවයි වාර්තා වන්නේ.ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පෙරේදා රාත‍්‍රී රුසියාවට පැමිණි අතර ඊයේ (24) රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මුණගැසුණා.අද (25) පෙරවරුවේ රුසියාවේ මොස්කව් සිට ඇෆ්ගනිස්තානයේ කාබුල් වෙත ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පැමිණියා. ඒ, එරට නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහායි.ඇෆ්ගනිස්තානයේ සිට අග‍්‍රාමාත්‍යවරයා පෙරළා ඉන්දියාවට එන බව කලින් දැනුම් දී තිබුණත් ඉතාම සමීප රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පමණක් අග‍්‍රාමාත්‍යවරයා පාකිස්තානයේ ලාහෝ්ර් නුවරට පැමිණෙන බව දැන සිටියා.ඒ අනුව අද (25) පස්වරුවේ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපොළට ගොඩබැස පාකිස්තානු නායක නවාස් ෂරීෆ් මුණගැසුණා.ඒ, අසල්වැසි පාකිස්තානු නායකයාගේ උපන්දිනය වෙනුවෙන්. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයෙකු පාකිස්තානයට පැමිණියේ වසර 11කට පසුවයි.
Related