අයවැයට එරෙහිව අද සිට කඩින්කඩ වර්ජන - උද්ඝෝෂණ 15 දා මහා වර්ජනයක් - වෘත්තීය සමිති එකමුතුව කියයි
වත්මන් රජයේ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එහි ඇති ජනතා විරෝධී යෝජනා හකුලා ගන්නාතුරු අද සිට (04 දා) දිවයින පුරා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය...

https://www.sathhanda.com/2015/12/15_4.html
වත්මන් රජයේ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එහි ඇති ජනතා විරෝධී යෝජනා හකුලා ගන්නාතුරු අද සිට (04 දා) දිවයින පුරා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ කඩින් කඩ වැඩ වර්ජන, උද්ඝෝෂණ පැවැත්වෙන බවද ලබන 15 දා රජයේ සියලු ක්‌ෂේත්‍රවල වෘත්තීය සමිති, දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම්ව සිටින බවද රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, පෞද්ගලික බස්‌රථ ධාවකයන්ගේ සංගමයේ ලේකම් ගැමුණු විඡේසූරිය, දුම්රිය, තැපැල්, රජයේ කර්මාන්ත, මුද්‍රණාලය, බැංකු, රාජ්‍ය කළමනාකරණ සේවය ආදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි වෘත්තීය සමිති නියෝජිතයන් 30 දෙනෙක් පමණ සහභාගි වී සිටියහ.
අයවැය තෙවන වර කියවීමට පෙර වෘත්තීය සමිතිවල ඉල්ලීම් සලකා බලා ජනතා විරෝධී යෝජනා හකුලා නොගතහොත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තනතුරෙන් ඉවත් කර ජනතාවාදී අයවැයක් සම්මත කර ගන්නා තුරු වෘත්තීය සමිති අරගලය දිගටම ක්‍රියාත්මක කරන බවද මේ සඳහා දැනටමත් විවිධ මට්‌ටමේ වෘත්තීය සමිති 100 ක් පමණ මේ සටනට එකතුව සිටින බවද සමන් රත්නප්‍රිය සඳහන් කළේය.
Related