මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක්
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා දැනට ලබාදී තිබෙන හමුදා නිලධාරීන් සහ සෙබලුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය...

https://www.sathhanda.com/2015/12/blog-post_23.html
නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පෙන්වා දෙන්නේ වර්තමාන රජය විසින් පුනරුත්ථාපනය නොකළ දරුණු එල්.ටි.ටි.ඊ. රැඳවියන් නිදහස් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි.
එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සාමාජිකයින් 11,000කට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් පුනරුත්ථාපනය කර නිදහස් කළ අතර බන්ධනාගාරවල මෙතෙක් රඳවා ඇත්තේ පුනරුත්ථාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්‍රස්තවාදීන් බව අදාළ නිවේදනයේ සඳහන්ය.
වත්මන් ආණ්ඩුව විසින් එවැනි රැඳවියන් නිදහස් කරනනේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා දැනට ලබාදී තිබෙන හමුදා නිලධාරීන් සංඛ්‍යාවට අමතරව තවත් සෙබලුන් හා නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම බව රොහාන් වැලිවිට පෙන්වා දී ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අමතරව යුද්ධය අවසන් කිරීමේ දී ප්‍රධාන කාර්යයක් ඉටුකළ සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරින් 500 දෙනෙකු ඉවත් කළ බවට ඇතැම් මාධ්‍යවල පල වී ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යය බව රොහාන් වැලිවිට නිකුත් කළ නිවේදනයේ සඳහන්වෙයි.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යුධ හමුදාව විසින් සෙබලුන් හා නිලධාරීන් එකසිය දෙදෙනෙකු පමණක් අනුයුක්ත කර සිටින බව රොහාන් වැලිවිට මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Related