ජපන් 'බුලට් ට්‍රේන්' ඉන්දියාවටත්
ජපානයේ නිෂ්පාදිත අධිවේගී දුම්රියක් (bullet train) මිලදී ගැනීමට කැමැත්ත පලකල බව ඉන්දියාව නිවේදනය කර තිබේ. මෙය මුම්බායි හා අහමදාබාද් නගර දෙ...

https://www.sathhanda.com/2015/12/blog-post_32.html
මෙය මුම්බායි හා අහමදාබාද් නගර දෙක අතර ධාවනය ට යොදවන බව පවසන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එය ඉන්දියානු දුම්රිය සේවය තුළ විපලවීය වෙනසක් ඇතිකරනු ඇති බවයි ප්‍රකාශ කළේ.
එය අනාගතය වෙත යන ඉන්දියාවේ ගමන් මග තවත් වේගවත් කරනු ඇති බවටයි අගමැතිවරයා විශ්වාසය පළ කලේ.
ජපන් අගමැති ෂින්සෝ අබේ ගේ දිල්ලි සංචාරය අතර තුර ඉන්දියාව නිවේදනය කළේ ආරක්ෂක කටයුතු පිලිබඳ තාක්ෂණය සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාවයක් සඳහා සැලසුමක් ද ඇති බවටයි
මීට අමතරව න්‍යෂ්ඨික ශක්තිය සාමකාමී ලෙස භාවිතා කිරීමේ ක්‍රමවේදයන් පිලිබඳ සලකා බැලීමේ යෝජනාවක් පිළිබඳවද ඉන්දියාව සහ ජපානය එකඟතාවය පළකර තිබේ.
Related