පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටද වාහන බලපත‍්‍ර ලබාදීමට ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශ...

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටද වාහන බලපත‍්‍ර ලබාදීමට ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටද වසර 5 කට වරක් වාහන බලපත‍්‍ර ලබාදීමට තීරණය කර ඇති බවයි.කෙසේවෙතත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ මන්තී‍්‍රවරුන්ට වාහන බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.වාහන බලපත‍්‍ර සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණේ එම සහනය ඉකුත් අයවැයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමගයි.
ඊට එරෙහිව දැඩි ලෙස හඬනැගුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයි.වාහන බලපත‍්‍ර ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් ඉකුත්දා සංකේත වැඩවර්ජනයකද නිරත වුණා. පසුව තීරණය කෙරුණේ වසර 10 කට වරක් රාජ්‍ය සේවකයින්ට වාහන බලපත‍්‍රයක් ලබාදීමටයි.
Related