මහින්ද නැවත බලයට ගෙන ඒමේ සටන අත්හරින් නැ
මහින්ද මහතා නැවැත මේ රටේ බලයට ගෙන ඒමේ සටන අපි අත්හරින්නේ නැහැ. දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ මේ රටේ වීරයා වුණේ මහින්ද රාජපක්ෂයි. එතුමා නිස...
https://www.sathhanda.com/2015/12/blog-post_424.html
මහින්ද කෙළින් කරපු රට වට්ටන හැටි සහ රට ගොඩනැංවීම සඳහා අප ගතයුතු මඟ" මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂයට අයත් මන්ත්‍රි කණ්ඩායම විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයට එක් වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ කියා සිටියා, දැන් අපිව විවිධාකාරයෙන් බය කරන්න හදනවා. අපේ කණ්ඩායමේ 23 දෙනකුට අල්ලස් හා දූෂණ චෝදනා ඉදිරිපත් කරලා. ඒ වගේ චෝදනා තියෙන අය කැබිනට් මණ්ඩලයේ කී දෙනෙක් ඉන්නවද? ඒ අයට චෝදනා නැහැ. අපිව බය කරන්න හැදුවට අපි බය නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ අපි හොඳට තෙම්පරාදු වෙච්ච මිනිස්සු. 82 අවුරුද්ද 88 ඉඳලා 89 වගේ භීෂණ කාලවලදිත් මේ කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයවූයේ අපියි.
ඒකාබද්ධ විපක්ෂයේ අපි දිනෙන් දින ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වුණා. කතානායකතුමා ඇතුළු විවිධ පාර්ශ්ව දැන් පිළිගන්නවා අපි ශක්තිමත් කණ්ඩායමක් කියලා. අය-වැය දෙවන වර කියවීමේදී අපේ කණ්ඩායමේ 46 දෙනක් ඊට විරුද්ධව ඡන්දය දුන්නා. ලබන 19 වැනිදා අය-වැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමේදීත් අපි ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.


Related