අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් මිලදී ගෙන ඇතැයි කියන ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඉකුත් දිනවල විවේචන ඉදිරිපත් වුණා.අමාත්‍යංශයේ ...

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් මිලදී ගෙන ඇතැයි කියන ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඉකුත් දිනවල විවේචන ඉදිරිපත් වුණා.අමාත්‍යංශයේ මුදල් වැය කරමින් රුපියල් ලක්ෂයකටත් වඩා වැඩි වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් අමාත්‍යවරයා විසින් මිලදී ගෙන ඇති බවයි ඇතැම් පාර්ශ්ව කියා සිටියේ. අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඊට ප‍්‍රතිචාර දැක්වූවා.ඔහු කියා සිටියේ අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයාට වෙන්කෙරෙන ප‍්‍රතිපාදනවලින් තමන් ටැබ් වර්ගයේ පරිගණයක් මිලදී ගත් බවයි.අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන්ට එවැනි උපකරණයක් ඉතා ප‍්‍රයෝජනවත් බවද ඒ සඳහා කරන වියදම නාස්තියක් නොවන බවද අමාත්‍යවරයා පැවසුවා.
Related