ජලසම්පාදන වෘත්තීය සමිති වර්ජනයෙන් ජල සැපයුමට බාධා
ජලසම්පාදන වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන...

https://www.sathhanda.com/2015/12/blog-post_520.html
එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ මාතර, මිරිස්ස, හලාවත, බියගම, දෙල්ගොඩ, කඳුබොඩ, ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට මෙලෙස බාධා එල්ල වී ඇති බවයි.
මෙම වසරට අදාළ ප්‍රසාද දීමනාව කප්පාදු කිරීමට විරෝධය පල කරමින් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ඊයේ පෙරවරු 8.00 සිට සති අන්ත නඩත්තු සේවාවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී සිටියි.
මේ හේතුවෙන් බෙදාහැරීම් පද්ධතිවල පවතින සුළු ජල කාන්දුවීම් අලුත් වැඩියා කිරීමේ කටයුතු සිදුනොවන බැවින් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට යම් යම් බාධා එල්ල වී ඇති බව උපාලි රත්නායක මහතා සඳහන් කර සිටියේය.
දෛනික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පැමිණිලි 200ක් පමණ ලැබෙන අතර මේ වන විට එම පැමිණිලි සංඛ්‍යාව 500කට ආසන්න වී ඇති බව ද වාර්තා වෙයි.
Related