මයිසූර් පරිප්පු සහ සීනි සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.එසේ නොකළහො...

මයිසූර් පරිප්පු සහ සීනි සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.එසේ නොකළහොත් ඉදිරියේදී එම ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.ඇසුරුම් නොකළ මයිසූර් පරිප්පු සඳහා කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 169ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.ඇසුරුම් නොකළ සීනි සඳහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 87ක්.මෙම ද්‍රව්‍ය ඇසුරුම් කර අලෙවි කිරීමේදී ඇසුරුම් ගාස්තු ලෙස අමතර රුපියල් 5ක් අය කර ගැනීමටද ව්‍යාපාරිකයන්ට අවසර ලබාදී තිබෙනවා.කෙසේ වෙතත් අදාළ මිල ගණන් යටතේ මයිසූර් පරිප්පු හා සීනි අලෙවි කිරීමේදී තමන්ගේ ආනයන පිරිවැය හෝ පිරිමසා ගත නොහැකි බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසන්නේ.එ් නිසා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් නොකළහොත් ඉදිරියේදී මයිසූර් පරිප්පු හා සීනි ආනයනය නතර කිරීමට සිදුවනු ඇතැයිද ඔවුන් කියා සිටියා.
Related