ඇවන්ගාර්ඩ් හිමිකරු සමග ඇති ඇසුර විජයදාස හෙළි කරයි
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ගැටුම යළිත් ඇවිලී තිබෙනවා. ඒ, වි...

https://www.sathhanda.com/2015/12/blog-post_65.html
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ගැටුම යළිත් ඇවිලී තිබෙනවා.
ඒ, විජයදාස රාජපක්‍ෂ ඇවන්ගාර්ඞ් ප‍්‍රධානී නිශ්ශංක සේනාධිපති සමග සමීප ඇසුරක් පවත්වා ඇතැයි සරත් ෆොන්සේකා ඊයේ (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදී චෝදනා කිරීමත් සමගයි.
විජයදාස රාජපක්‍ෂ සහ නිශ්ශංක සේනාධිපති එක්ව සහභාගි වූ විදේශ සංචාරයක ඡායාරූප ද මෙහිදි මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන මෙම චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පැවසුවේ නිශ්ශංක සේනාධිපති සමග තමන් සමීප ඇසුරක් මීට කාලයකට පෙර පැවැත් වූ බවත් එය වරදක් නොවන බවයි.
ෆොන්සේකාට අවශ්‍යව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා තෙරපුමක් ඇති කිරීම බවත් මෙහිදී පැවසුවා. ෆොන්සේකා අයථා ලෙස කොමිස් වශයෙන් ලබාගෙන ඇති රුපියල් ලක්ෂ 888 ක මුදල මුදා ගැනීමේ අරමුණත් මේ පිටුපස ඇති බවත් සඳහන් කරනවා. මෙම කරුණු සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා තමන් සමගද පෞද්ගලික විරසකයක් ඇතැයි විජයදාස රාජපක්‍ෂ මෙහිදී කියාසිටියා.
Related