බී සාම්පලයෙනුත් කුසල් වැරදිකරු?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක ශරීරගතවී තිබේද යන්න පිළිබඳ සිදු කළ බී සාම්පල පරික්ෂා කිරීමේදී එම තත්ත්වය ...

https://www.sathhanda.com/2015/12/blog-post_653.html
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක ශරීරගතවී තිබේද යන්න පිළිබඳ සිදු කළ බී සාම්පල පරික්ෂා කිරීමේදී එම තත්ත්වය තහවුරුවී ඇති බව නිල නොලත් වාර්තා පවසයි.
තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් කුසල් ජනිත් පෙරේරාට මීට පෙර චෝදනා එල්ලවීමෙන් පසු ඔහු නවසිලන්ත සංචාරය අවසන් කර මෙරටට කැඳවනු ලැබුවේය.
පසුව ඔහුගේ මුත්‍රා සාම්පල නැවත පරික්ෂාවක් හෙවත් බී සාම්පල පරික්ෂාවක් සිදු කෙරුණු අතර එහි වාර්තා මේ වන විට නිකුත්වී ඇති බව වාර්තා වෙයි.
එමගින්ද පෙර ප්‍රතිඵලය ලැබී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් නිල දැනුම්දීමක් සිදු කර නැත.
Related