රාජපක්ෂ යුගයේ මුස්ලිම් ජනයා භීතියෙන් ඇලලී හිටියේ -දැන් මුස්ලිම් ජනයාට පුනරුදයක් උදා වෙලා
රාජපක්ෂ භීම පාලන සමයේ මුස්ලිම් ජනයා භීතියෙන් ඇළලී ජීවත් වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් පවසයි. මුස්ලිම් ජනයාගේ දේපළ වලට කෙත...

https://www.sathhanda.com/2015/12/blog-post_899.html
මුස්ලිම් ජනයාගේ දේපළ වලට කෙතරම් හානි පැමිණවීද හා මුස්ලිම් ආගමික පල්ලි කොපමණ ප්‍රමාණයක් විනාශ කළේද යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි බව හෙතෙම පවසා ඇත්තේ Arab News සමග සම්මමුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉකුත් ජනවාරි 8 වෙනිදායින් පසුව ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වූවායින් පසුව මුස්ලිම් ජනයාට පුනරුදයක් උදාවූ බව මන්ත්‍රීවරයා පවසා තිබේ.
තම මුස්ලිම් ප්‍රජාව මේවන විට ජාතිවාදීන්ගේ හිරිහැරයට ලක්නොවී නිදහසේ ආගමික කටයුතු කරමින් නිදහසේ ජීවත්වන බව මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත්තේ මක්කම පිහිටි ‘සිලෝන් හවුස් ‘ නම් ලංකාවේ බැතිමතුන් සඳහා ඉදිකර ඇති සංචාරක නිකේතනයක Arab News සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදීය.
Related