රනිල් සහ චන්ද්‍රිකා සහ LTTE හිතවාදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ලන්ඩනයේදී රහසිගත සාකච්ඡාවක
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකත් අතර විශේෂ රහසිගත සාකච්ඡාවක් ලන්ඩන් නුවරදී පැවැත්වෙන බවට ආණ...

https://www.sathhanda.com/2015/12/ltte.html
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකත් අතර විශේෂ රහසිගත සාකච්ඡාවක් ලන්ඩන් නුවරදී පැවැත්වෙන බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කරයි. පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (22දා) ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය අතර හිටපු ජනාධිපතිනිය පසුගිය 18 වැනිදා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියාය. මෙයට සමගාමීව LTTE හිතවාදීන් පිරිසකුත් සමගත් සාකච්චා පැවැත්වීමට නියමිත බවවර්තා වේ.
මේ සුවිශේෂී හමුවේදී වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පසුගිය රජයේ සිදුවූ දූෂණ අක්‍රමිකතා පිළිබඳ දැනට සිදුවන පරීක්ෂණ මෙන්ම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි පැවැසේ.
ප්‍රධාන කාරනා අතර ආණ්ඩුක්‍රම සංශෝදනය ඇතුලත්ව ඇති අතර මේ වන තුරුත් කිසිදු දුෂණයක් ඔප්පු කරගැනීමට නොහැකිවී ඇති අතර තව දුරටත් වංචා දුෂණ ගැන පවසමින් ආණ්ඩුවට ඉදිරියට යාමට නොහැකි වී ඇති තත්වයක් තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊලග වසරේ කතිකාවට ගැනීමට නියමිත අතර එයින් ඇතිවන සමාජ කතිකාව හරහා ඉදිරියේ ඉහල යාමට නියමිත බඩුමිල සහ ඊනියා වංචා දුෂණ පරීක්ෂණ යටපත් වීමට ඉඩහැරීමට සැලසුමක් ඇතිබවත් වාර්තා වේ.
Related