අයවැය පොඩි මිනිහට අමාරුයි - මේ අයවැයෙන් ඇති වැඩක් නෑ - ආණ්ඩුවේ මන්ත්‍රී කියයි
මෙවර ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය මගින් සෑහීමට පත් විය නොහැකි යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පවස...

https://www.sathhanda.com/2015/12/blog-post_96.html
මෙවර ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය මගින් සෑහීමට පත් විය නොහැකි යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
මතුගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙසේද අදහස් පල කලේය.
‘මෙවර අයවැයේ මිනිස්සු බලාපොරොත්තු වුනු සහන නෑ. ඉඩ දී ඇත්තේ විදේශ ආයෝජනවලට පමණයි. නමුත් එය කල යුත්තේ ක‍්‍රමවත් වැඩපිළිවෙළක් යටතේයි. වැවිලි කර්මාන්තයට සහන නෑ. ඔවුන් මීට වඩා සහන බලාපොරොත්තු වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට විශාල ලෙස බදු පැටවීම වැරදියි. මෙය සෑහීමකට පත්වෙන්න නොහැකි අයවැයක්’
Related