යහපාලනයේ යමපාලකයෝ තිතට වැඩ - අවසන් පැය 24කදී මිනී මරුම් පහයි
රට පුරා ස්ථාන පහකදී මනුෂ්‍ය ඝාතන පහක් අවසන් පැය 24 තුල සිදුව ඇති බව පොලීසිය පවසයි. තියුණු ආයුධයකින් පහර දී කුරුණෑගල යටිවැහැරවත්ත වතුය...

https://www.sathhanda.com/2016/01/24_22.html
රට පුරා ස්ථාන පහකදී මනුෂ්‍ය ඝාතන පහක් අවසන් පැය 24 තුල සිදුව ඇති බව පොලීසිය පවසයි.
තියුණු ආයුධයකින් පහර දී කුරුණෑගල යටිවැහැරවත්ත වතුයායේ මුරකරුවා ඝාතනය කර ඇති අතර සැකකරු පැනගොස් තිබේ.
සැමියා විසින් පහර දී සිය බිරිඳ ඝාතනය කිරීමක් තිස්සමහාරාම එකමුතුගම ප්‍රදේශයෙන් වාර්තා වන අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත.
70 හැවිරිදි කාන්තාවක් ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමක් අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මේ අතර මිද්දෙණිය කාරියමඩිත්තේදී 25 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර වීරකැටියේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.
Related