කලහය සංසිඳවන්න හිමිවරු 4ක් යති - ඥානසාර හිමිව රැගෙන යයි (UPDATE)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව උසාවි භූමියේ සිට රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගියා.ඒ වෙනත් වාහනයකින් බවයි ...

https://www.sathhanda.com/2016/01/4.html
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව උසාවි භූමියේ සිට රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගියා.ඒ වෙනත් වාහනයකින් බවයි වාර්තා වුණේ.බන්ධනාගාර බස් රථයට උසාවි භූමියෙන් පිටවීමට ඉඩ නොදී පිරිස් උණුසුම් අයුරින් හැසිරුණා.උසාවි භූමියේ රැදී සිට විරෝධය දැක්වූ ස්වාමීන්වහන්සේලා සහ ගිහි පිරිස් අමතමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ එම ස්ථානයේ සංසුන්ව කටයුුතු කරන ලෙසයි.
---------------------------------------------------------------------------------------------------------------------
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ කලහකාරී ලෙස හැසිරෙමින් සිටින භික්ෂූණ් වහන්සේ සමග සාකච්ඡා කිරීමට උඩුවේ ධම්මාලෝක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප හා දරණාගම කුසලධම්ම යන හිමිවරුන්ද මේවන විට එම ස්ථානයට ගොස් තිබේ.
කෙසේ වෙතත් කලහකාරී ලෙස හැසිරෙන භික්ෂු පිරිසේ එකම ඉල්ලීම ඥානසාර හිමියන්ට ඇපදීම හෝ තමන් වහන්සේලා රිමාන්ඩ් කරන්නැයි ඉල්ලීම බව එහි සිටින අප වාර්තාකරු පැවසුවේය.
අධිකරණයට අපහාස කළැයි චෝදනාවට බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමෙන් පසු මෙම කලහකාරී තත්ත්වය ඇති විය.

Related