බස්නාහිර මහා නගරයට ඩො බිලියන 40ක් ඕනෑ
බස්නාහිර මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන තේමා 10 ක් ඔස්සේ ව්‍යාපෘති 160 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, මේ සියලු කටයුතු වෙනුවෙ...

https://www.sathhanda.com/2016/01/40.html
බස්නාහිර මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන තේමා 10 ක් ඔස්සේ ව්‍යාපෘති 160 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, මේ සියලු කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 40 ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
වසර 2030 වනවිට ලංකාව ඉහළ ආදායම් ලබන රටක් කිරීම රජයේ අරමුණ බවත්, බලශක්තිය, ජල සැපයුම හා ප්‍රවාහනය මූලික කරගනිමින් මෙම කටයුතු සිදුකරන බවත් හෙතෙම පැවසීය.කොළඹට මන්නාරමේ සිට ගෑස් ගෙන ඒමට සහ කොළඹ නගරයේ භූගතව දිවෙන විදුලිබල පද්ධතියක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත්, කොළඹ නගරයට පිටතින් පැමිණෙන වාහන පාලනය කිරීමට මෙන්ම ශීඝ්‍රගාමී බස් සේවයක් ඇති කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
Related