'අනේ මට එය විශාල සතුටක්' - ඇමැති විජිත් විජයමුණි සොයිසා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව වසරේ පළමු දිනයේම තමාගේ හිස අතගා ආශිර්වාද කිරීම සිතට විශාල සතුටක් ගෙන දෙන්නක් වූ බව වාරිමාර්ග අමාත්...

https://www.sathhanda.com/2016/01/blog-post_2.html
වැඩිදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
නව වසර උදාවත් සමඟ අපි කතරගමට ගියේ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වෙනුවෙන් වසරක් පාසා පැවැත්වුණු පිරිත් පිංකමට සහභාගි වෙන්න. ඒ වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේත් පූර්ණ ආශිර්වාදය ලැබෙනවා. මමත්, දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රීලනිප අපේ පක්‍ෂයේ විශාල පිරිසකුත් කිරි වෙහෙර වැඳපුදා ගනිමින් සිටින මොහොතේ තමයි හිටපු ජනාධිපතිතුමත් කිරිවෙහෙරට ආවේ. එතැනදී අපි අතට අත දී එකිනෙකාට සුබපැතුම් පිරිනැමුවා. ඊට පස්‌සේ කතරගම දේවාල භූමියේදී අපට නැවතත් හිටපු ජනාධිපතිතුමන් මුණගැසුණා. මම කලින් එතුමාට සුබපතලා තිබුණු නිසා නැවත අසලට යන්න උත්සාහ නොකළත් එතුමා මගේ හිස අත ගා මට ආශිර්වාද පිරිනැමුවා. ඇත්තටම ඒ අවස්‌ථාව මට ලොකු සතුටක් එකතු කළා.
Related