චන්ද්‍රලේඛාගේ ලොකු දුව ශ්‍යාමි නදීෂා අම්මා ගැන කියන දේ
චන්ද්‍රලේඛාගේ ලොකු දුව ශ්‍යාමි නදීෂා ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය තම මව සහ පවුලේ සාමාජිකයන් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.එම ...

https://www.sathhanda.com/2016/01/blog-post_216.html
ඇය තම මව සහ පවුලේ සාමාජිකයන් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.එම අදහස් පහතින් දැක්වෙනවා.
චන්ද්‍රලේඛාගේ ගීත ගයන්න තහනම් ද?
ඒක වැරැදි වැටහීමක්. අම්මා මට තියා කිසිම කෙනෙක්ට ගීත කියන්න එපා කියලා නෑ.
අම්මා, නංගිලා එක්ක ශ්‍යාමිගේ දැන් සම්බන්ධතා තියෙනවාද?
ඇයි නැත්තේ... දැන් නෙවෙයි කවදත් ඒ සම්බන්ධතා තිබුණා... අම්මෙකුයි දුවෙකුයි අතර තියෙන බැඳීම අම්මයි, මමයි අතර තියෙනවා.... නංගිලාත් එක්කත් ඒ බැඳීම එහෙමමයි. ඒ ගැන නොදන්න අය තමයි සමාජ වෙබ් අඩවිවල විවිධ තැන්වල විවිධ කතා කියන්නේ...
පුංචි කාලේ ඔයා හිටියේ අම්මා ළඟ නෙවෙයි?
මම හිටියේ තාත්ති ළඟ. ඒත් මල්ලි ඉතාලියට යනකල්ම අම්මිලාත් එක්ක මත්තේගොඩ ගෙදර හිටියේ...
මල්ලිට නම් රූකාන්ත බාප්පා සංගීත කටයුතුවලට උදවු කරනවලු?
ඔව්... මල්ලි ඉතාලියට ගියාට පස්සෙත් අන්කල් උදවු කළා... තාමත් කරනවා.
ශ්‍යාමිටත් ඒ සැලකිල්ල එහෙම්මම ලැබෙනවාද?
ඔව්.. අන්කල් මට බනිනවා සින්දුවක් කරන්නේ නැහැ කියලා. අම්මිටයි, අන්කල්ටයි නංගිලාට තමයි මටත් වඩා ඕනෑකම තියෙන්නේ මගේ සින්දුවක් කරන්න. මම එන්න කලින්ම අන්කල් ස්ටුඩියෝ එකක් බුක් කරන්නත් හදනවා.
අම්මා නංගිලා දෙන්නා එක්ක පින්තූර අරගෙන ඒවා සමාජ වෙබ් අඩවිවල පළ වෙන විට ඔයාට දුක නැද්ද?
නෑ... මට සතුටුයි.
අම්මයි ඔයයි මල්ලියි ගත්ත පින්තූර අපි දැකලාම නෑ?
ඒක ඇත්ත. අපි තුන්දෙනා තැන් තුනකනේ. අම්මා මෙහෙ ආවම මාත් එක්ක පින්තූර ගන්නවා. මල්ලිව බලන්න ඉතාලි ගියාම එයත් එක්ක පින්තූර ගන්නවා. අපිට එකට පින්තූරයක් ගන්න කාලෙකින් බැරිවුණා.
අම්මා ඔයාව බලන්න එනවද?
අම්ම විතරක් නෙවෙයි හැමෝම එනවා. ඕස්ට්‍රේලියාවෙ ප්‍රසංගයකට ආවත් නතර වෙන්නේ අපේ ගෙදර.
තාත්තා ශ්‍යාමි එක්ක අමනාපෙන්ද?
අනේ නෑ... අපි කවුරුත් තරහා නෑ... දරුවන්ට මවුපියො එක්කවත්,මවුපියන්ට දරුවො එක්කවත් තරහා වෙන්න බෑනේ.
ශ්‍යාමි නදීෂා චන්ද්‍රලේඛාගේ ගීයක් ගයන අයුරු පහතින් දැක්වෙනවා.
Related