ශ්‍රීලනිපය හදිසි රැස්වීමක

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හදිසි විධායක සභා රැස්වීමක් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට සූදානම් වනවා ඊට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස ශී‍්‍ර ...

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හදිසි විධායක සභා රැස්වීමක් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට සූදානම් වනවා

ඊට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලු විධායක සභා සාමාජිකයින්ට මේ වන විටත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ලබන අඟහරුවාදා මෙම රැස්වීම පැවැත්වෙන බවද සඳහන්.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එම මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන්නේද නැතහොත් වෙනම පක්ෂයක් ලෙස තරග කරන්නේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර එ්කාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක්ද හෙට (25) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන්ද මෙම හමුවේදී සාකච්ඡා කරනු ඇති.

එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ගේ 38 දෙනෙකු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකත්වය දරනවා. ඔවුන් 38 දෙනාම ලබන අඟහරුවා පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමටද සහභාගිවීමටයි තීරණය කර ඇත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6169196218073864408

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item