මියගිය පෙම්වතා ආරූඪවූවා යෑයි කියා ටියුෂන් ගුරුවරයා පෙම්වතියට අතවර කරලා
මියගිය පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසා මියගිය තරුණයාගේ අවුරුදු 15 ක් වයසැති පෙම්වතියව මියගිය තරුණයා මිහිදන් කෙරුණ කනත්තට රැගෙන ගොස් දැරි...

https://www.sathhanda.com/2016/01/blog-post_23.html
15 හැවිරිදි දැරියගේ පෙම්වතා යෑයි කියනු ලබන තරුණයා අකුණු සර වැදීමෙන් මියගොස් ඇති බවත් එම මියගිය තරුණයා 15 හැවිරිදි තම පෙම්වතියව සුසාන භූමිය වෙත රැගෙන එන ලෙස රාත්‍රී නින්දේදී තමාට බලකරන බව උපකාරක පංති ගුරුවරයා දැරියට පවසා ඇති බවත්, තම ගුරුවරයාගේ බලකිරීම මත දෙදෙනාම සුසාන භූමිය වෙත ගිය අවස්‌ථාවේදී පෙම්වතා වළ දැමූ ස්‌ථානයේ ඉටිපන්දමක් දල්වන සැකකරු ඉන් අනතුරුව පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසමින් පෙම් වදන් පවසමින් දැරියට විවිධ ලිංගික අතවර කර ඇති බවට අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිස් ස්‌ථානයේ සැරයන් රෝහණ (25697) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය.
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවටද අධිකරණයේ දී අනාවරණය වූ අතර මෙම සැකකරුගේ ක්‍රියා කලාපයෙන් තමන් සහ පවුලේ උදවියත්, තම දියණියත් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පවසමින් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇති බවටද අධිකරණයේදී සඳහන් විය.
Related