මත්තල වී තොග මද්‍යසාරවලට විකුණලා
මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර තිබූ වී මෙටි්‍රක් ටොන් 4700 ක පමණ තොගය මද්‍යසාර නිපදවීම සඳහා එක්‌තරා මද්‍යසාර සමාගමකට විකුණා දමා ඇතැයි වී අලෙව...
https://www.sathhanda.com/2016/01/blog-post_808.html?m=0
මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර තිබූ වී මෙටි්‍රක් ටොන් 4700 ක පමණ තොගය මද්‍යසාර නිපදවීම සඳහා එක්‌තරා මද්‍යසාර සමාගමකට විකුණා දමා ඇතැයි වී අලෙවි මණ්‌ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබියදී වී තොග මෙසේ මද්‍යසාර සමාගමකට අලෙවි කිරීම පිළිබඳව වී අලෙවි මණ්‌ඩලයේ සේවකයන් පවා දැඩි විරෝධය පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන්ගෙන් කළ විමසීමේදී මත්තල තිබූ සහල් තොගය පුද්ගලික සමාගමකට කිලෝව රුපියල් 42 බැගින් විකුණා දැමූ බව පැවසීය.
ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී සමාගම් කීපයක් වී කිලෝව රුපියල් 40 බැගින් ඉල්ලා තිබූ අතර එක් සමාගමක් රුපියල් 42 බැගින් ඉල්ලා තිබූ නිසා එම සමාගමට වී තොග ලබාදුන් බව ඇමැතිවරයා පැවසීය.
අදාළ සමාගමේ නම කුමක්‌දැයි කළ විමසීමේදී සමාගමේ නම තමාට මතක නැතැයිද සමාගමේ නම වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගෙන් විමසන ලෙසද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමට අවස්‌ථා ගණනාවකදී උත්සාහ කළද ඔහුගේ ජංගම දුරකථනයට පිළිතුරු දීමෙන් දිගින් දිගටම ඔහු වැළකී සිටියේය.
එහෙත් පසුව කල සොයාබැලීමකදී වාර්තා වුයේ වී කිලෝව රුපියල් 38ට මධ්‍යසාර නිපදවන ආයතනයකට විකුණා දමා ඇති බවය.

Related