ශ්‍රී ලංකාව හා තමිල්නාඩුව සංචාරක කලාපයක් කිරීමේ සැලසුමක්
ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හා තමිල්නාඩුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ. ස්ව්ට්සර්ලන්තයේ ඩ...

https://www.sathhanda.com/2016/01/blog-post_415.html
ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු යන මහත්වරුන් අතර පැවති හමුවේදී මේ බව අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ශ්‍රී ලංකාව හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය අතර ආගමික, සංස්කෘතික හා සංචාරක සබඳතා තහවුරු කිරීම පිළිබඳව සොයා බැලීමට දෙරටේ නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද එහිදී එකඟතාවට පැමිණ තිබේ.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සමග ද සාකච්ඡා කරන බව ය.
Related