සිල් බිදගත්තේ නදීශා විතර ද?
සුනිල් එදිරිසිංහ මහතා “නරක වැඩ කරන්න එපා මල්ලියේ” කියද්දීත් ගිය අවුරුද්දේ ගේමක් දීලා වැලිකඩ ඉදලා එළියට ආව සුනඛ පුත්‍ර ඉරාජ් නමැති ගායකයෙක් ...

https://www.sathhanda.com/2016/01/blog-post_870.html

ඉරාජ් ප්‍රමුඛ මෙකී කලාකරුවන්යැයි කියාගන්නා අයට අනුව පාරේ ලිංගිකව හැසිරීම ද කලාවම වේ. එහෙත් අතීත රජවරුන් විසින් බුදුන්ට පූජා කළ අපේ රට සිංහල බෞද්ධ රටකි. (බුදුන්ට පූජා කළ එකම රට අපේ රටයි.) එබැවින් මේ රටෙහි ලෞකිකව සිද්ධ කරන කටයුතු ද නිවනට අනුකූල විය යුතුය. එනම් නිවන් පරමාර්ථයේ තබාගෙන ලෞකිකත්වය තුළ හැසිරිය යුතුය. එම නිසාමය අවුකන බුදුන්ට දෑස් දුන් කලාකරුවා කලා වැවේ මැරෙන ඉපදෙන රළ දිහා බලමින් ලෝකයේ අනිත්‍යතාව මෙනෙහි කළේ. (එම නිසාමය අපේ මුතුන්මිත්තන් සතුන් නොමරා ගොවිතැන් කටයුතු කරන ක්‍රම ද අනුගමනය කළේ. දැන් අප වස විස යොදා බටහිර ක්‍රමයට ගොවිතැන් කරමු. මෙය දියුණුව යැයි හෝ ලෝකය යන ක්‍රමය යැයි කෙනෙක් කියන්නේ නම් ඔහු සංවර්ධනයද බටහිර ක්‍රමයටම අර්ථ කථනය කරන්නෙකි. එබැවින් එම කියමන් අපට අලුයම ලන කෙළ පිඩකි) එහෙත් කලාව යනු පුළුල් දෙයක්ය, එය රටේ සංස්කෘතියෙන් වට කළ නොයුතුයැයි කියන මේ කලා කරුවෝ අවසානයේ ගීත හරහා බොලිවුඩයේ හෝ හොලිවුඩයේ සංස්කෘතිය සහ චින්තනය අපේ නංගිලා මල්ලිලාගේ ඔලු වලට කාන්දු කරයි. අවසානයේ මෙරට ස්ත්‍රී දූෂනයක් සුදු වූ විට එයට ද වැරදි කාරයා මෙම සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි ඔවුන්ම අනෙක් පැත්තට කියයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා මෙරට මිනිසුන් ලිංගිකත්වය පිනවන්න නොදන්න බවත් එම සංස්කෘතිය නිසා සිංහලයින් ආශාවන් අමාරුවෙන් යටපත් කරගෙන සිටිනා බවත් අවසානයේ එය ස්ත්‍රී දූෂණයට හා අනෙකුත් අපරාධ වලට මුල්වන බවත් මෙම ගීත වලට විද්වද් කතිකාවත් හදන ඇතැම් උගත් මිනිසුන් අපට කියා දෙයි. එහෙත් මෙම ගීත හරහා රහත් නොවූ මිනිසුන්ගේ කාමය ඇවිස්සීම පිළිබදව ඔවුන්ට කතිකාවතක් නැත. මෙම ගීතය තුළ ආදරය සාධාරණ හේතුව ලෙස ඉදිරිපත් කරමින් තම සැමියාට හොරෙන් වෙනත් පුරුෂයෙකු සමග නදීෂා අනාචාරයේ හැසිරෙයි. මෙයින් ඉරාජ් නමැති සුනඛ පුත්‍රයා අපට කියා දෙන්නේ අපේ නංගිලා මල්ලිලා විවාහ වුව ද ප්‍රේමයේ නාමයෙන් අනාචාරයේ හැසිරුනාට කම් නැතය කියා ද? මෙය බටහිර සංස්කෘතියම වේ.
අප ආරක්ෂා කළ යුත්තේ අපේ සංස්කෘතිය මිස සිංහ ලේ ඇති ඔලු ගෙඩි ගණන පමණක්ම නොවේ. අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් අනෙක් දෙමළ මුස්ලිම් ජාතිකයන්ට ද එය මුසු කළ යුතුය. එනම් සිංහල මුස්ලිමුන්, සිංහල දමිළයන් බිහි කරගත යුතුය. අපි කළ යුත්තේ එයයි. එසේ නොමැතිව ජාතිවාදීන්ට රැවටී මිනී මරා ගැනීමෙන් කිසිදා ජාතික ප්‍රශ්නයටද පිළිතුරක් නොලැබෙනු ඇත. එබැවින් අප අපේ සංස්කෘතිය පණ මෙන් රැකිය යුතු වන අතර ඉරාජ් වැනි සුනඛ පුත්‍රයින්ට ඉලිප්පීමට ඉඩ නොදිය යුතුය. දුටු තැන වාග්ප්‍රහාර ද එල්ල කර මරා දැමිය යුතු ය. ඔවුන්ට ශාස්ත්‍රීයව කියන දේ නොතේරෙයි නම් අශාස්ත්‍රීයව හෝ කියා දිය යුතුය... කලාව යනු සිංහල බෞද්ධ සංස්කෘතියට සීමා වූ ලිං මැඩි අදහසක් ගෙන දෙන්නක් නොවේ යැයි සමහරෙකුට කිව හැක. එහෙත් කලාව යනු සිංහල බෞද්ධ සංස්කෘතියට සීමා නොවී බටහිර සංස්කෘතිය සරණ යාම දැයි මම ඔහුගෙන් අසමි. බුදුන්ට කිහිපවරක්ම පූජාකළ මෙම සිංහලද්වීපයේ සංස්කෘතිය සිංහල බෞද්ධ වෙයි. එම සංස්කෘතියේ මිණුම් දණ්ඩ නිවනයි. කලාව, දේශපාලනය, දර්ශනය, අධ්‍යාපනය යන සියල්ල එකී නිවන මිණුම් දණ්ඩ කොටගත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂ විය යුතුය. අනුකූල විය යුතුය.. එසේ අනුකූල වී අප ගීත නිර්මාණය ද කළ යුතුය..ඒ අතින් ගත් කළ “සිල් බිදී නුවන් කැළඔූ වනේ බිම නොළා නෙලූ ඵල මාවතේ ගිමන් නිවන ලෙස ආදරය කරන්නට අපට කියා දෙන” සුනිල් එදිරිසිංහ මහාතා වැනි ගායකයෝ මෙතේ බුදුන්ගේ සසුනට උරුම කියන බෝධිසත්ත්වවරුම වෙති..
-ඔබට තෙරුවන් සරණයි- උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි.
Related