අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න
ඉතිහාසයේ පෙර නොවූ විරූ සංවර්ධනයක් අත්පත් කර ගන්නා බවත් ඒ සඳහා බස්නාහිර පළාතේ සිට ත්‍රිකුණාමලය දක්වාද, හම්බන්තොට සිට යාපනය දක්වා ද එම සංවර්ධ...
https://www.sathhanda.com/2016/01/blog-post_45.html
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (04) අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
මෙම ගමනේ දී විවිධ චෝදනා හා විවේචන එල්ල විය හැකි වුවත්, ඒ පිළිබඳ තැකීමක් නොකොට අවසන එකී විවේචකයින්ද දායක කරගනිමින් මෙම ගමන යාමට හැකිවනු ඇති බව ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා, 2015 ජනවාරි මස 08 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගනිමින් රටට ලබා ගත් වරප්‍රසාදය මේ වසරේ ගෙදරට ලබා ගැනීමට අදිටන් කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවත් සඳහන් කළේය.
පසුගිය වසරේ රටේ පාලනය ලබාගන්නා විට මානව හිමිකම් ප්‍රශ්න ආදියෙන් ලෝකය මෙරට දුරස්ථව තබා තිබුණු බවත්, අද වන විට ලෝකය ජය ගැනීමට හැකිවී ඇති බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා උතුරේ දුක් විඳින ජනයාගේ ඉඩම් ආපසු ලබාදෙමින් ඔවුන් නැවත පදිංචි කරවීමට කටයුතු කිරීමට හැකිවුණු බවත්, දේශපාලන වශයෙන් ලැබූ ස්ථාවරත්වය ආර්ථික හා සාමාජීය වශයෙන්ද අත්පත් කරගත යුතුව ඇති බවත් වැඩි දුරටත් අවධාරණය කළේය.


Related