හිරුණිකාගේ ආරක්‍ෂකයෝ හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහරදී සිරකර තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති කොළඹ දිස්‌ත්‍ර...

https://www.sathhanda.com/2016/01/blog-post_5.html
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම පෙරෙට්‌ටුව පැවැත් වේ.
පැහැර ගැනීමට ලක්‌වූ පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරියට ඉදිරිපත් කර ඇති බවට කරුණු හෙළි දරව් වී ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු යොදා ඇති බව ද රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින පස්‌වැනි සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට හා ප්‍රේමචන්ද්‍ර සහභාගි වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක විඩියෝ පට ලබා ගැනීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව ද පොලිසිය කරුණු දන්වා ඇත.
ගොතටුව වැල්ලම්පිටියේ පදිංචි අමිල ප්‍රියංග අමරසිංහ නමැති සිය වෙළෙඳසැලේ සේවය කළ අය පසුගිය 21 දා දහවල් 2 ට පමණ වෙළෙඳසැලට කඩා වැදුණු පුද්ගලයන් 6 දෙනෙකු පහරදී අංක 62-1859 දරන කළු පැහැති ඩිෙµන්ඩර් රථයෙන් පැහැරගෙන ගියේ යෑයි දෙමටගොඩ බේස්‌ලයින් පාරේ පදිංචි කලීල් මොහොමඩ් සෆ්රීන් කළ පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන කටයුතු පැවැත්වේ.
Related