ලංවිම මනු කියවන්නන්ගේ විරෝධතාවය අවසන්
ලංවිම මනු කියවන්නන්ගේ සංගමය විසින් ඊයේ (11) දින ගෙනගිය විරෝධතාවය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග ඊයේ පස්වර...

https://www.sathhanda.com/2016/01/blog-post_82.html
ලංවිම මනු කියවන්නන්ගේ සංගමය විසින් ඊයේ (11) දින ගෙනගිය විරෝධතාවය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡුාවකින් අනතුරුව නවතා දැමීමට තීරණය කර ඇත.එක්දහස් නවසියයක පමණ පිරිසකගෙන් සැදුම්ලත් ලංවිම මනු කියවන්නන්ගේ සංගමය විසින් තමන් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවක ප‍්‍රවාහයට එක්කර ගන්නා ලෙස ඉල්ලමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
ඔවුන්ගේ මෙම ඉල්ලිම පිළිබඳව සලකා බැලීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ලංවිම වෘත්තිය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව ඒ මොහොතේ පටන් අදාළ විරෝධතා ව්‍යාපාරය අත්හැර දැමීමට මනු කියවන්නන්ගේ සංගමය විසින් තීරණය කර ඇත.
Related