දෙමටගොඩ චමින්ද ඥානසාර හිමිගේ සිවුරු සෝදා දෙයි
පාතාල සාමාජිකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නමැත්තා රිමාන්ඞ් බන්ධනාගාරය තුළදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට උපස්ථාන කර තිබෙනවා. ඊයේ (27) දහවල් ...

https://www.sathhanda.com/2016/01/blog-post_852.html
පාතාල සාමාජිකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නමැත්තා රිමාන්ඞ් බන්ධනාගාරය තුළදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට උපස්ථාන කර තිබෙනවා. ඊයේ (27) දහවල් උන්වහන්සේගේ සිවුරු සොදා දී ඇත්තේද දෙමටගොඩ චමින්ද විසින්. රිමාන්ඞ් බන්ධනාගායේ ස්නානය කරන ස්ථානයේදී ඔවුන් මුණ ගැසී තිබෙනවා.
රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තවමත් කොළඹ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. උන්වහන්සේ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහලට මාරු කෙරුණේ ඊයේ (27) පස්වරුවේයි.
රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ද වරින් වර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. උන්වහන්සේ මෙම බන්ධනාගාර නිලධාරීන්ට දහම් කරුණු පැහැදිලි කරමින් කෙටි ධර්ම දේශණාද පවත්වා තිබෙනවා.
කොළඹ බන්ධනාගාරයේදි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදී ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට යාබද ඇදයි. අද පෙරවරුවේ උන්වහන්සේ බැලීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාද පැමිණ තිබෙනවා.
භික්‍ෂූන් වහන්සේ පනස් නමක් පමණද උන්වහන්සේ බැලීම සදහා පැමිණ සිටි බවයි බන්ධනාගාර ආරංචි කියාසිටියේ. කෙසේවෙතත් බන්ධනාගාර රෝහලට යාමට අවසර ලැබී ඇත්තේ ඔවුන්ගෙන් කිහිප නමකට පමණයි.
ඊයේ දිනයේද භික්‍ෂූන් වහන්සේ ඇතුළු 200 කට වැඩි පිරිසක් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණියා. ඔවුන්ගෙන් සිය දෙනෙකුට පමණ රිමාන්ඞ් බන්ධනාගාරයට යාමට අවසර හිමිවුණත් අනෙක් පිරිසට ආපසු හැරී යාමට සිදුවූ බවත් වාර්තා වුණා. කෙසේවෙතත් නීතියට අනුව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුව දිනකට මුණ ගැසිය හැක්කේ අමුත්තන් තුන් දෙනෙකුට පමණයි.
Related