තාජුඩීන් ඝාතන සිද්ධියේ CCTV දර්ශන දුර්වලයි - වාහන අංක සහ ඒවායේ මිනිසුන් සිටිනවද යන්නවත් නොපැහැදිලියි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සැකකටයුතු වාහනයක් සීසීටීවී දර්ශනවල ඇතත් එම දර්ශනවල දුර්වල තත්ත්වය නිසා තම විද්‍යාගාරයේ තාක්ෂණ සීම...
https://www.sathhanda.com/2016/01/cctv.html
නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේදී ගත් බව කියන ඩීවීඩී හා සීඩී තැටි හතරක් පිරික්සූ බවත් සැකකටයුතු වාහනයක් එහි ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අංශය වැඩි දුරටත් උසාවියට දන්වා සිටියා.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සීසීටීවී කැමරා දර්ශන ඇමරිකාවේ එෆ්.බී.අයි, එම්.පී.එස් හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් අධිකරණ විද්‍යා පිළිබඳ විද්‍යාගාරයකට යැවීම සුදුසු බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (5) දැන්වූයේ.
පාරේ ආලෝකයත් වාහන ආලෝකයත් නිසා අඳුරේදී මෙම වීඩියෝ දර්ශන ගෙන ඇති නිසාත් පැහැදිලිව හඳුනාගත නොහැකි බවයි එහිදී අධිකරණයට කරුණු වාර්තා වුයේ. අදාළ සැක කටයුතු වාහනයේ මිනිසුන් සිටීදැයි හඳුනාගැනීමටද නොහැකි බව සරසවි වාර්තාවේ දැක්වෙනවා.
එම සීසීටීවී දර්ශන විශ්ලේෂණයට විදේශ විශේෂඥ සහාය ලබාගත හැකි බව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට මීට පෙර දන්වා තිබුණා.


Related