Global Life Style පිරමීඩ යෝජනා ක්‍රමය පිළිබ`ද වහාම පරීක්‍ෂණ පවත්වන්න අධිකරණ ඇමැති පොලිස්‌පතිට කියයි
නීත්‍යානුකූල නොවන මුදල් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ වහාම සොයා බලා පරීක්‍ෂණයක් ආරම්භ කරන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ඊයේ (25 වැනිදා)...

https://www.sathhanda.com/2016/01/global-life-style_26.html
නීත්‍යානුකූල නොවන මුදල් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ වහාම සොයා බලා පරීක්‍ෂණයක් ආරම්භ කරන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ඊයේ (25 වැනිදා) පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්ගෙන් ඉල්ලා ඇත.
මහජනතාවගේ මුදල් හා ඉතුරුම් ආයෝජන කෙරෙන නීත්‍යනුකූල නොවන මුදල් පිරමීඩ යෝජනා ක්‍රමයක් එක්‌තරා පුද්ගලික සමාගමක මැදිහත්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක වන බවට අධිකරණ ඇමැතිවරයා වශයෙන් තමාට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ වහාම සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ ඇමැතිවරයා පොලිස්‌පතිවරයාට යෑවූ ලිපියෙන් දැනුම් දී ඇත.
මෙම මුදල් පිරමීඩ යෝජනා ක්‍රමයට සම්බන්ධ වී සිටින ආයතන විසින් මහජනතාව නොමග යවමින් ඔවුන්ගේ ආයෝජන හා ඉතුරුම් මුදල්වලට දෙගුණයක් මූල්‍ය ප්‍රතිලාභ අදාළ දින වකවානුවලදී ලබාදෙන බවට තොරතුරු ප්‍රචාරය කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිවලට පටහැනිව මහජනතාව මුලා කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස එම ලිපිය මගින් පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරියෙක් පැවසීය.
අප පසුගියදා අනාවරණය කර සිටියේ මෙහි ඉහත සඳහන් සමාගම වන්නේ කොල්ලුපිටිය මුලස්ථානය කර ගත් "ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්" හොර ගුහාවයි. පසුව හෝ අධිකරණ ඇමතිවරයාගේ අවධානයට යොමුවීම ඉතා අගනේය.
පෙරපුවත්
අප පසුගියදා අනාවරණය කර සිටියේ මෙහි ඉහත සඳහන් සමාගම වන්නේ කොල්ලුපිටිය මුලස්ථානය කර ගත් "ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්" හොර ගුහාවයි. පසුව හෝ අධිකරණ ඇමතිවරයාගේ අවධානයට යොමුවීම ඉතා අගනේය.
පෙරපුවත්
Related